Thursday, May 29, 2014

Ishq Vishk (2003) | ප්‍රේමය සහ එහි චමත්කාරය.

 
මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා. 

මම සමහර හින්දි චිත්‍රපටි වලට නම් එච්චරම කැමැත්තක් නැහැ. මොකද සමහරක් හින්දි චිත්‍රපටි තාත්වික බවින් තොර වනවා මෙන්ම ප්‍රේක්ෂක මනසට අර්ථාන්විත බවක් එකතු කරන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන, ජීවිතයට යම්කිසි අර්ථාන්විත පණිවුඩයක් ලබා දෙන චිත්‍රපටිද බොහෝමයක් තිබෙනවා. මම ඒ වගේ චිත්‍රපටියකට තමා අද උපසිරැසි අරන් ආවේ.
මම මේ චිත්‍රපටියේ දකින විශේෂත්වය තමා ආදරය සහ ඒ සම්බන්ධ හැඟීම් ඉතාමත්ම තිවූර ලෙස දැක්වීම. මට හිතෙන විදියට මේ චිත්‍රපටියෙන් ආදරය යනු කුමක්ද කියා ඉතාමත් හොඳින් අර්ථ දක්වනවා. ආදරය සහ ආශාව යන හැඟීම් දෙක පටලවාගෙන තියෙන අද සමාජයට මේ චිත්‍රපටියෙන් ඉතාමත්ම හොඳ පණිවුඩයක් ලබා දෙන බව මම හිතනවා. ඒ නිසා මම හිතන්නේ හැමෝම මේ චිත්‍රපටිය නරඹන්න ඕන කියලා.ඉතාමත්ම ලස්සන , මතකයේ රැඳෙන ගීත කිහිපයක් මේ චිත්‍රපටියේ තිබෙනවා. "Aisa Kyun Hota Hai "  ගීතය ඒ අතරින් එකක්.